අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3.172ක් තංගල්ල මුහුදු තිරයෙන් සොයා ගැනේ

Friday, 14 February 2020 - 17:37

%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+3.172%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
රුපියල් කෝටි 3කට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 172ක් ත්‍රිකුණාමලය වෙරළේ සිට මුහුදු සැතපුම් 180ක් පමණ නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබී සොයා ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායට පැමිණෙමින් තිබූ ධීවරයින් පිරිසකට පාර්සල් 3ක තිබූ මෙම අයිස් මත්ද්‍රව්‍ය හමුවී ඇති බවයි. නාවික හමුදාවට භාර දුන් ඒවා පසුව තංගල්ල පොලීසියට භාර දී තිබෙනවා.

මේ අතර, ආයුර්වේද පානයක් ලෙස ඉතියෝපියාවේ සිට මෙරටට එවා තිබූ කාත් නමැති මත්ද්‍රව්‍ය සහිත පාර්සල් 3ක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද අත්අඩංගුවට ගත්තා.