අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවා ධාවනය රාත්‍රියට පමණයි

Tuesday, 18 February 2020 - 15:34

%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92
අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවා (Semi Luxry) පස්වරු 7 සිට පසුදා අලුයම 6 දක්වා පමණක් ධාවනය කරවීමට අදාලව නව නීතියක් ගෙනඒමට ප්‍රවාහන සේවා කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා.

අද උදෑසන ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති සාකච්චාවකදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

එම තීරණය ඇතුළු අර්ධසුඛෝපභෝගී බස් රථ පිළිබඳව ඉදිරියේදී පැනවීමට නියමිත තවත් නීති කිහිපයක් අඩංගු කැබිනට් පත්‍රිකාවක් එළඹෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අර්ධ සුඛෝපභෝගී බස් රථ දිවා කාලයේදී මුළුමනින්ම ධාවනය නොකිරීම, එක් ගමන්වාරයකදී කිලෝමීටර් 200 ට වඩා වැඩි දුරක් ධාවනය කිරීම යන නීති ද එම තීරණ අතරවනවා.

කෙසේ වෙතත් අර්ධසුඛෝපභෝගී බස් රථ සේවාව මුළුමනින්ම අහෝසි කිරීමටයි මීට පෙර තීරණය කර තිබුනේ.

ඒ මගී ජනතාව විසින් මෙම අර්ධසුඛෝපභෝගී බස් රථ සේවාව සම්බන්ධයෙන් සිදුකළ පැමිණිලි සැළකිල්ලට ගනිමින්.

පසුව ජාතික ගමනාගමන කොමිසම මේ පිලිබඳව පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව දැනට මෙම සේවාව යටතේ බස්රථ 437 ක් ධාවනය වන බව අනාවරණය වූවා.

මේ හේතුවෙන් මෙම සේවාව එකවර අහෝසි කිරීම හිතකර නොවන බවයි එම කොමිසම නිර්දේශ කර ඇත්තේ.

තවද දැනට ධාවනයේ යෙදෙන අර්ධ සුඛෝපභෝගී බස් රථ 25 ක් වායුසමනය කර සුඛෝපභෝගී බස් රථ ලෙසින් පවත්වාගෙන යාමටත්, තවත් බස් රථ 7 ක් සාමාන්‍ය බස් රථ ලෙස ධාවනයට එක්කිරීමටත් එකඟතාවකට පැමිණ ඇති බව සඳහන්.


ඉන්දියාවේ සරණාගත කදවුරක සිට පියෙකුට සහ දියණියකට මෙරටට පැමිණීමට සහය දුන් 6ක් අත්අඩංගුවට
Sunday, 07 June 2020 - 15:47

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කදවුරක සිට... Read More

ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
Sunday, 07 June 2020 - 15:16

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අතුරුගිරිය ඇතුළු... Read More

පෙරහුරු ඡන්දය සාර්ථකව අවසන් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 15:07

අම්බලන්ගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ පැවති ආදර්ශ මැතිවරණය... Read More