වියළි කාලගුණය නිසා, පානීය ජලය බෙදා හැරීම සීමා කෙරේ - මාර්තු මැද තෙක් තද වැසි නැහැ

Friday, 21 February 2020 - 14:35

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F%2C+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+-+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වයත් සමග පානීය ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ඒ අනුව උස් බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයන් ඇතිවිය හැකි බවයි එම මණ්ඩලය කියා සිටියේ.

ඒ හේතුවෙන් හැකිතාක් අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙසට පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද  ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා.

මේ අතර, පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමග ඇතැම් ප්‍රදේශවලට ජල සැපයුම කඩින් කඩ ලබාදීමට සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ජල සම්පාදන මණ්ඩලය මගින් දුරකථන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, 0719 399 999 යන දුරකථන අංකයට කෙටි පණිවුඩයක් යොමුකර ඊට අදාළ තොරතුරු ලබා ගැනීම සඳහා නොමිලේ ලියාපදිංචි විය හැකියි.

මේ අතර, හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් කැළණි ගඟ දකුණ ඉවුර ජල ව්‍යාපෘතිය මගින් ජලය බෙදා හරිනු ලබන ප්‍රදේශ කිහිපයකට තවමත් ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

පෑලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක - සීදුව, කැළණිය, බියගම, මහර, දොම්පේ මෙන්ම, ගම්පහ ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති අතර ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනවා.  

එමෙන්ම, දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 8කට අයත්, පුද්ගලයන් දෙලක්ෂ 28,454 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය මාර්තු 2 වන සතිය දක්වා අපේක්ෂා කළ හැකි බවයි.