ඉතාලියේ දෙවන කොරෝනා වෛරස් මරණයත් වාර්තාවෙයි - ආසාදිත සංඛ්‍යාව 80 දක්වා ඉහළට

Sunday, 23 February 2020 - 10:30

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොවිඞ් - 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ දෙවන මරණය ද වාර්තාවී තිබෙනවා.

පළමු මරණය පසුගිය බ්‍රහස්පතින්දා වාර්තාවූයේ උතුරු ඉතාලියේ මිලාන් නුවරට කිලෝමීටර 50ක් පමණ දකුණු දෙසින් වූ ප්‍රදේශයෙන්.

එහිදී 76 හැවිරිදි කාන්තාවක් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

තවත් 78 හැවිරිදි පුද්ගලයෙකු පාදුවා නුවර රෝහලකදී සිකුරාදා රාත්‍රියේ මියගොස් තිබෙනවා.

ඔහුගේ බිරිඳ සහ දියණියද ඉතාලියේ වෙනීටෝ ප්‍රදේශයේ කොරෝනා වෛරසය ආසාදනය වූ 17 දෙනාට ඇතුළත්.

මේ හේතුවෙන් වැනිසියේ වාර්ෂික සැණකෙළියද අත්හිටුවීම පිළිබඳව සංවිධායකයන්ගේ අවධානය යොමුව තිබෙනවා.

යාබද ලොම්බාඩි ප්‍රදේශයෙන්ද ආසාදිතයන් 54ක් වාර්තාවන අතර, ඉතාලියේ මුළු ආසාදිත සංඛ්‍යාව 80ක්.