ජවිපෙ, හකීම්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි

Monday, 24 February 2020 - 12:42

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%2C+%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉදිරි මහ මැතිවරණයේදී මුස්ලිම් කොංග්‍රසය සමඟ සන්ධානගත වීමට තම පක්ෂයට අවශ්‍යතාවයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස කියා සිටියේ මෙය මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම්ගේ උප්පරවැට්ටියක් බවයි.

සන්ධානගතවීම සම්බන්ධයෙන් කිසිදු සත්‍යතාවක් නොමැති අතර, එය පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ගේ අදහසක් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් ද ප්‍රකාශ කළා.

දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමඟ සන්ධානයක් ලෙස තරග වැදීම පිළිබඳව කිසිදු සාකච්ඡාවක් සිදුවී නොමැති බවයි එම නිවේදනයේ තවදුරටත් දැක්වුණේ.

මුස්ලිම් කොංග්‍රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්, මහනුවරදී ඊයේ ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඉදිරි මහ මැතිවරණයේදී සන්ධාන ගතවීම සම්බන්ධයෙන් සාකච්ජා කරන බවයි.