බුම්මා සහ පොඩි සුරේෂ් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු රඳවාගෙන ප්‍රශ්ණ කෙරේ

Thursday, 27 February 2020 - 11:14

%E0%B6%B6%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%9C%E0%B6%A9%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් වන ස්ටැන්ලි ප්‍රනාන්දු හෙවත් බුම්මා සහ පොඩි සුරේෂ් නැමති පුද්ගලයින් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

සැකකරු හෙරොයින් සමඟ පසුගිය 24 වනදා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවේ මෝදර - කිඹුලාඇල දේවස්ථානය අසළදියි.

මොහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන බුම්මා සහ පොඩි සුරේෂ් සමඟ සබඳතා පැවැත්වූ බවට අනාවරණ වී තිබෙනවා.