හල්දුම්මුල්ල - නීට්වුඞ් කඳු රක්ෂිතයේ අද දහවල් ගින්නක් හට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ හල්දුම්මුල්ල ආපදා කළමනාකරණ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කරන බවයි.
මෙම කඳු ප්‍රදේශයේ ෆයිනස් වගා කර ඇති අතර, ඒවාට ගින්න පැතිර යාම හේතුවෙන් ගිනි නිවීමේ කටයුතුවලට බාධා මතුව තිබෙනවා.
මේ අතර, මස්කෙලියා - ඉරොන්ස්වික් වතු යායට අයත් සොලන්කන්ද කොටසේ රක්ෂිතයක හට ගත් ගින්නකින් අක්කර 10ක් පමණ විනාශ වී තිබෙනවා.
මස්කෙලිය පොලීසිය පැවසුවේ ඊයේ පස්වරුවේ හට ගත් මෙම ගින්න නිවා දැමීම සඳහා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය ගත වූ බවයි.
සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පුද්ගලයෙකු විසින් රක්ෂිතයට මෙලෙස ගිනි තබන්නට ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.