මෙරටින් හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 65 දක්වා ඉහළට - (වීඩියෝ)

Friday, 20 March 2020 - 11:50

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+65+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 65ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.

ඔවුන් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ දැනට පුද්ගලයින් 218 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි.

වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 18ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17 දෙනෙකු, පුත්තලම  දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12 දෙනෙකු, කුරුණෑගල සහ කළුතර දිස්ත්‍රික්කවලින් රෝගීන් 4 දෙනෙකු බැගින් සොයාගෙන තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 3ක්.

ගාල්ල, කෑගල්ල, මාතර, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලින් ද රෝගියෙකු බැගින් සොයාගෙන ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ. මෙතෙක් තහවුරු කර ගත් කොරෝනා රෝගීන්ගෙන් සියයට 45.2ක් වයස අවුරුදු 41ත්, 50ත් අතර පසුවන්නන්.

මේ අතර, නිරෝධානයන මධ්‍යස්ථාන 16ක පුද්ගලයින් 2463කට අධික පිරිසක් නිරෝධායනයට ලක් කර තිබෙන බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

රන්ටැඹේ ප්‍රදේශයේ ද තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට රෝහල් 25ක ආසාදිතයින් හඳුනා ගැනීමේ කටයුතු සිදුකෙරෙන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වෛද්‍ය සුදත් සමරවීර කියා සිටියේ.

 කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අද දිනයේත් පොදු ස්ථාන රැසක් විෂබීජහරණ කටයුතු සිදුකරනු දක්නට ලැබුණා.

කොටුව දුම්රියපොළ, කොළඹ නැව් තටාකාංගණ පරිශ්‍රය, ගුවන් තොටුපළ වැනි ස්ථාන මෙලෙස විෂබීජහරණයට ලක් කර තිබෙනවා.

එමෙන්ම, වැඩබිම් සහ සේවකයින් ගැවසෙන ස්ථාන ඉදිරියේදී විෂබීජහරණය කිරීමට කටයුතු කරන බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මේ අතර, දඹදිව වන්දනාවේ ගොස් චෙන්නායි මහාබෝධී මධ්‍යස්ථානයේ රැඳී සිටින අවසන් කණ්ඩායමත් අද දිනයේ දිවයිනට ගෙන්වා ගැනීමට නියමිතයි.

කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයින පුරා ඉන්ධන අලෙවිය සියයට 20කින් පහත වැටී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

මේ අතර, ජනාධිපති මාධ්‍ය අංශය මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි විනෝද චාරිකා, වන්දනා සහ සංචාරක ගමන් තහනම් කිරීමට රජය තීරණය කර ඇති බවයි.

එමෙන්ම,  අද පස්වරු 6යේ සිට සඳුදා පෙරවරු 6 දක්වා කාලය තුළ සියළු දුම්රිය අවලංගු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories