කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට පළමු රෝගීයා ලෙස වාර්තා වූ 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නා සම්පූර්ණ සුවය ලබා අයි.ඞී.එච්. රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඔහුට පරීක්ෂණ කිහිපයක් සිදුකළ අතර, මේ වන විට පූර්ණ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් පිටව යාමට නිර්දේශ ලබාදුන් බවයි.
විශේෂ ගිලන් රථයකින් නිවස වෙත පිටත් කර හැරීමෙන් පසු ඔහුට තවත් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස ද උපදෙස් ලබාදී තිබෙනවා.
මේ අතර, ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා ද දින 14ක ස්වයං නිරෝධායන කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔවුන් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව අද කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා.
ඒ බව නිළ වශයෙන් දැනුම් දෙන සහතිකය ඔවුන් වෙත ප්රදානය කර තිබෙනවා.