අද උදෑසන 6 ට ඇඳිරි නීතිය ඉවත් කෙරෙන කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්කවල මෙන්ම උතුරු පළාතේ පිහිටි සතොස වෙළඳසැල් උදෑසන 7ට පෙර විවෘත කරන බව ලංකා සතොස ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත පවසනවා.
ඔහු කියා සිටියේ කෙටි කාලයක් තුළ දී වැඩි පාරිභෝගිකයින් පිරිසකට භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණෙන් මෙම පියවර ගත් බවයි.
අවශ්‍ය තරම් භාණ්ඩ පවතින බැවින් පාරිභෝගිකයින් අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි සමූපකාර තොග වෙළද සංස්ථාවේ නියෝජ්‍ය සභාපති නීතිඥ තුෂාර දිසානායක සඳහන් කළා.
එමෙන්ම, අද අළුයම 4 සිට මධ්‍යහ්න 12 දක්වා කොළඹ මැනිං වෙළඳපොළ ද විවෘතව තබන බවයි මැනිං පොදු වෙළඳ සංගමයේ සභාපති ලාල් හෙට්ටිගේ හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ. මේ වන විටත් කොළඹ නගරයේ සියළුම කඩ සාප්පු පාරිභෝගිකයින්ගෙන් පිරී පවතින බවටයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.