කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැලකීමේදී කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හදුනාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.
ඒ අනුව එම දිස්ත්‍රික්ක වලට අද දහවල් දෙකට පැනවූ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ඔවුන් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඉදිරියේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවෙස් වෙතටම ගොස් අලෙවි කරන ලෙස තොග වෙළඳ ආයතනවලට රජය උපදෙස් ලබාදී තිබෙනවා.
සතොස, කීල්ස්, ලාෆ්, ආර්පිකෝ, ෆුඩ්සිටි,අරලිය, නිපුන සහ සෙසු තොග වෙළඳ සමාගම් මේ සඳහා හවුල් කර ගන්නා බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.
මෙම වැඩපිළිවෙල කාර්යක්ෂම කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබෙනවා.
අමාත්‍යාංශ, දිස්ත්‍රික්, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අදාළ වෙනත් නිලධාරීන් එහි සෙසු සාමාජිකයින්.
ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් සහ සෙසු සේවා බාධාවකින් තොරව ලබාදීමේ මෙම සැලැස්ම හෙට සිට ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේ.
එම සම්පුර්ණ නිවේදනය පහතින්.