බස්නාහිර, උතුර පළාත් සහ පුත්තලම හැර සෙසු ප්‍රදේශවලට පැය හයකට ඇඳිරි නීතිය ඉවත් කරයි

Thursday, 26 March 2020 - 7:06

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB%2C+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%83%E0%B7%99%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය බස්නාහිර සහ උතුර පළාත්වලට මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයට හැර අනෙකුත් ප්‍රදේශවලට අද උදෑසන හයට තාවකාලිකව ඉවත් කෙරුණා.

එය දහවල් 12 ට යළි පැනවෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

උතුර පළාතේ වවුනියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිිරි නීතිය හෙට  පෙරවරු හයට ඉවත් කර යළි දහවල් 12 ට ක්‍රියාත්මක කෙරෙනවා.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

දිවයිනේ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර,  ඕනෑම දිස්ත්‍රික්කයක ගොවිතැන් සහ කුඩා තේ වතු මෙන්ම අපනයන භෝග නිෂ්පාදන කටයුතුවල යෙදෙන ජනතාවට ඒ සඳහා අවසර හිමිවනවා.

සහල් ඇතුලූ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මෙන්ම එළවළු ප්‍රවාහනයටද තවදුරටත් ඉඩ සැළසෙන බවයි රජය ප්‍රකාශ කරන්නේ.

ඇඳිරි නීතිය ලිහිල් කළද නිවෙස්වල නිරෝධායනයේ යෙදී සිටින පිරිස් තවදුරටත් නිවෙස්වල රැඳී සිටිය යුතු බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.  

මේ අතර, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සදහා දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමෙන් පසු එය උල්ලංඝනය කළ පුද්ගලයින් 2,908 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව වාහන 748 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

එසේම ඊයේ මධ්‍යහ්න 12 සිට පස්වරු හය දක්වා පැය හයක කාලය තුළ පමණක් පුද්ගලයන් 111 දෙනෙකු සහ වාහන 19 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.