එළවළු නොමැතිවීමෙන් මැනිං වෙළඳපොළට ආ වෙළඳුන් අසීරුතාවක - (වීඩියෝ)

Thursday, 26 March 2020 - 7:32

%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7+%E0%B6%86+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B7%93%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඇඳිරි නීතිය පැවතියද එළවළු මිලදී ගැනීම සඳහා වෙළඳුන් විශාල සංඛ්‍යාවක් මේ වනවිට කොළඹ මැනිං වෙළඳපොලට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රමාණවත් පරිදි එළවළු තොග නොලැබීම නිසා ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි එහි වෙළඳ සංගමයේ උප සභාපති  නිමල් අත්තනායක ප්‍රකාශ කළේ.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක අවස්ථාවේ ධීවර ක්ෂේත්‍රයේ පුද්ගලයින්ට පැවති ගැටළුවලට විසඳුම් ලබාදී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

ඒ අනුව මසුන් ඇල්ලීම, ප්‍රවාහනය සහ අලෙවි කිරීමේදී පැවති ගැටළුවලට විසඳුම් ලබාදුන් බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

පසුගියදා පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙන්ම ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා.  

එසේම, ධීවරයින් වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය තරම් ඉන්ධන ප්‍රවාහනය කරන ලෙසටද තමන් උපදෙස් දුන් බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් කියා සිටියේ.  

මේ අතර, සතොස ගබඩාවලින් අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සඳහා සිය දායකත්වය ලබාදීමට නාවික හමුදාව කටයුතු කරනවා.

ඒ අනුව එම භාණ්ඩ රැස්කර බෙදාහරින එඬේරමුල්ල සතොස තොග මධ්‍යස්ථානයෙහි භාණ්ඩ සූදානම් කිරීමේ කටයුතු සඳහා නාවික හමුදාව සිය දායකත්වය ලබාදීමට කටයුතු කරනු ලැබුවා.