ක්‍රයිස්චර්ච් ප්‍රහාරකයා වරද පිළිගනී

Thursday, 26 March 2020 - 7:53

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A%E0%B6%A0%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ප්‍රහාරයේ චූදිතයා එම සිද්ධියෙන් වසරකට පසු වරද පිළිගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මොහුට එරෙහිව පවතින නඩුව ජූනි මාසයේදී විභාගයට ගැනීමට නියමිත බවයි.

 29 හැවිරිදි බ්‍රෙන්ටන් ටැරන්ට් නැමති මෙම චූදිතයා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි දේවස්ථාන දෙකකට පසුගිය වසරේ මාර්තු 15 වනදා වෙඩි තබා පුද්ගලයින් 51 දෙනෙකු ඝාතනය කර තිබුණා.

ඝාතන සහ ඊට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා  එල්ලවී ඇති මොහු මීට පෙර එම චෝදනා ප්‍රතික්ෂේප කළා.