මෙක්සිකෝ රාජ්‍යයේ අත්‍යාවශ්‍ය නොවන කටයුතු සියල්ලම තහනම්

Thursday, 26 March 2020 - 8:15

%E0%B6%B8%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%9D+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් මෙක්සිකෝ රාජ්‍යයේ අත්‍යාවශ්‍ය නොවන කටයුතු සියල්ලම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍ය හියුගෝ ලොපේස් මාධ්‍ය අමතමින් මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙක්සිකෝවෙන් මේ වනවිට ආසාදිතයන් 475 ක් වාර්තාවන අතර මියගිය සංඛ්‍යාව 6 ක්.

එමෙන්ම බ්‍රිතාන්‍ය මහ බැංකුව ආර්ථිකය කඩාවැටීම පාලනය කරගැනීමේ අරමුණින් පොලී අනුපාත අඩු කර ඇති අතර,  තවත් යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් සිටින බවයි එරට මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.

බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 463 ක් වාර්තාවන අතර, ආසාදිතයන් සංඛ්‍යාව 9,529 ක්.