ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය - (වීඩියෝ)

Thursday, 26 March 2020 - 9:07

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බස්නාහිර සහ උතුර පළාත් මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු ප්‍රදේශවලට යළි පොලිස් ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල අද දහවල් 12ට පැනවීමට නියමිතව තිබූ පොලිස් ඇඳිරි නීතිය යළි පනවනු ලබන්නේ පස්වරු 2ටයි.  

එය මාර්තු 30 වන සඳුදා උදෑසන හයට ලිහිල් කෙරෙන අතර, එදිනම දහවල් දෙකේ සිට යළි ක්‍රියාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කෙසේ වෙතත් අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර, සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම පුත්තලම සහ උතුර පළාතට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට උදෑසන 6 ට ලිහිල් කොට එදින පස්වරු දෙකට යළි පනවනු ලබනවා.

මෙම ප්‍රදේශවලට එලෙස පැනවෙන ඇඳිරි නීතිය මාර්තු 30 වන සඳුදා උදෑසන 6 ට ඉවත් කොට යළි දහවල් දෙකට නැවත ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.



ජනාධිපති මාධ්‍ය නිකුත් කළ සම්පුර්ණ නිවේදනය පහතින්.