සුවය ලැබූ තවත් සිව් දෙනෙකු අදත් IDH රෝහලෙන් පිටවෙයි

Thursday, 26 March 2020 - 15:46

%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+IDH+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොරෝනා වෛරසය ආසාදනය වී ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් 04 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

ඔවුන් 04 දෙනාම පිරිමි පුද්ගලයින් බවටයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේදීද තවත් 24 හැවිරිදි තරුණියක් සුවය ලබා රෝහලෙන් පිටව ගියා.

ඒ අනුව චීන ජාතික කාන්තාවද ඇතුළුව පුද්ගලයින් 7 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර, ගත වූ පැය 48 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ කිසිදු රෝගියෙකු මෙරටින් වාර්තා වූයේ නැහැ.

ඒ අනුව තවදුරටත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 95 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

ඉන් 84 දෙනෙකු අයි.ඩී.එච්. රෝහල්ත්, 10 දෙනෙකු වැලිකන්ද මූලික රෝහලේත්, එක් අයෙකු මුල්ලේරියාව රෝහලේත් ප්‍රතිකාර ලබනවා.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන රෝගීන් 237 දෙනෙකු දිවයිනේ රෝහල් 21 ක ප්‍රතිකාර ලබන බවයි සඳහන් වුණේ.

එසේම, අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදනය වූ පුද්ගලයින් 04 දෙනෙකු මේ වනවිට දැඩි සත්කාර ඒකකයට යොමුකර තිබෙනවා.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන 04ක රඳවා සිටි තවත් පුද්ගලයින් 223 දෙනෙකු 03 වන කණ්ඩායම ලෙස අද සිය නිවෙස් වෙත පිටත් කර යැවුණා.

ඔවුන් අතර පොලොන්නරුව - කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි හතලිස් දෙදෙනෙකු, දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ 38 දෙනෙකු, මඩකලපුව - පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ 125 දෙනෙකු සහ මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ 18 දෙනෙකු සිටින බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඔවුන් යුද හමුදාවට අයත් බස් රථවලින් සිය නිවෙස් වෙත රැගෙන යනු ලැබුවා.

මේ අතර, බණ්ඩාරවෙල - පරගහවෙල ප්‍රදේශයේ පදිංචි සංචාරක මඟ පෙන්වන්නෙකු පසුගියදා සෞඛ්‍ය නිලධාරීන් විසින් ඔහුගේ නිවස තුළම ස්වයං නිරෝධායනයට යොමුකර තිබුණා.

කෙසේ වෙතත්, එම උපදෙස් කඩකර අද පෙරවරුවේ ඔහු බණ්ඩාරවෙල නගරයේ සැරි සරමින් සිටියදී පොලිසිය හා සෞඛ්‍ය නිලධාරීන් සොයාගනු ලැබුවා.

පසුව එම පුද්ගලයා බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යළි දින 14 ක කාලයක් නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර, හෙට දිනයේ තවත් පිරිසක් නිරෝධායන කටයුතු අවසන් කිරීමෙන් පසුව නිවෙස් වෙත පිටත් කර හැරීමට කටයුතු කරන බවයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.