මලයාසියාවේ රජු සහ රැජින ස්වයං නිරෝධායනයට

Thursday, 26 March 2020 - 15:57

%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
මලයාසියාවේ රජු සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා සහ රැජින ටුන්කු අසීසා අමීනා මයිමුනහ් ස්වයං නිරෝධායනයකට යොමු වී තිබෙනවා.

ඒ රජ මාලිගයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 7 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුවයි.

අදාළ කාර්ය මණ්ඩල සාමාජිකයින් 7 දෙනා මේ වනවිට ක්වාලාලම්පූර්හි රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ.

රාජකීය ගෘහස්ථ පාලක අහමඩ් ෆාදිල් ෂංසුදීන් ප්‍රකාශ කර තිබුණේ රජුගේ සහ රැජිනගේ ජෛව සාම්පල පරීක්ෂාවට ලක් කල ද ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බවයි.