මහජන පැමිණිලි සඳහා ජනපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘත වෙයි - තොරතුරු ලබාදීමට විශේෂ දුරකථන අංක කිහිපයක්

Thursday, 26 March 2020 - 22:13

%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%85%E0%B6%82%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි පවතින තත්වය පදනම් කර ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.

රජය ලබාදෙන නියෝග ක්‍රියාත්මක නොවීම හෝ මහජනතාව අපහසුතාවට පත්වන ආකාරයේ ක්‍රියාකාරකම් පිළිබඳ හෝ පැමිණිලි 011 2354550 හෝ 011 2354655 යන දුරකථන අංක ඔස්සේ ඉදිරිපත් කළ හැකියි.

එම අංක ඔස්සේ සම්බන්ධ වීමට නොහැකි වුවහොත් ජනාධිපති කාර්යාලයේ ඍජු දුරකථන අංක 011 2354354 අමතා දිගු අංක 3872/ 3873/ 3874 හෝ 3875 ඔස්සේ සම්බන්ධ විය හැකියි.

මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ කපිල ගුණසිංහට ද 0773743718 අංකය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම කොරෝනා වෛරසය පැතිරයාම ආශ්‍රීත තොරතුරු දැනුම්දීම සඳහා දුරකථන අංක කිහිපයක් ද හඳූන්වාදී තිබෙනවා.

011 2860003 හෝ 011 2860004 තුලින් එම තොරතුරු ලබාදිය හැකියි.

ඊට අමතරව 011 2354354 අමතා දිගු අංක 3355 ඔස්සේ ද තොරතුරු ලබාදීමේ හැකියාව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ජනතාව ලබාදෙන තොරතුරු අදාළ අංශ වෙත කඩිනමින් යොමු කිරීමට පියවර ගැනෙනු ඇති.

ජනාධිපතිවරයා ලබාදෙන නියෝග හා උපදෙස් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශණයක් ද සිදු කෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියාසිටියේ.