සාර්ථකව නිරෝධායනය අවසන් කළ 443ක් අදත් නිවෙස්වලට

Friday, 27 March 2020 - 7:30

%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+443%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7
විදෙස් රටවල සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වල සිටින තවත් 443 දෙනෙකු අද දිනයේ නිදහස් කිරීමට නියමිතයි.

මෙම පිරිස පොළොන්නරුව - කන්දකාඩු සහ මඩකලපුව - පූනානි නිරෝධායන මධ්‍යස්ථානවල මෙන්ම තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි රැඳවුම් මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින්.

මේ අතර, කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා නාවික හමුදාව විසින් විෂබීජහරණ කුටියක් නිර්මාණය කර තිබෙනවා.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත මෙය නිර්මාණය කර ඇති අතර, එමගින් එකවර මුළු ශරීරයේම විෂබීජහරණය කිරීමට හැකියාව පවතින බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ඉංජිනේරු සහ කාර්මික නාවික භටයින් විසින් නිර්මාණය කර ඇති මෙම උපකරණය නාවික හමුදා කඳවුරු කිහිපයකම ස්ථාපිත කිරීමට කටයුතු සලසා තිබෙනවා.