හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අද සිට - (වීඩියෝ)

Friday, 27 March 2020 - 7:33

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා, බොහෝ දුෂ්කරතා මැද සීමා වී සිටින පිරිස වෙනුවෙන්, රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, පන්සලේ, පල්ලියේ, කෝවිලේ වැඩසිටින අතිපූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පූජකවරුන් සඳහා මෙන්ම, සරණක් අවැසිම වූ ළමා නිවාසවල රැදී සිටින දූ දරුවන් සහ වැඩිහිටි නිවාස වල සිටින වැඩිහිටියන් වෙනුවෙන් අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව ඔවුන් රැදී සිටින ස්ථානයටම ලබාදීමේ වගකිම හිරු මාධ්‍ය ජාලය ඉටු කිරීමට සූදානම්.

ඒ අනුව, ඔබේ ජීවිතය සහ ආරක්ෂාව අපේ වගකීමක් කර ගනිමින් හිරු සහන යාත්‍රාව රටවටා ගමන් කරනවා.

සහනයක් අවැසි ඔබේ ප්‍රදේශයේ ආගමික ස්ථාන, ළමා නිවාස සහ වැඩිහිටි නිවාසවල තොරතුරු අප වෙත ලබාදෙන ලෙසයි හිරු මාධ්‍ය ජාලය ඉල්ලා සිටින්නේ.

0773 035 926, 0773 939 209 දුරකථන අංකවලින් එම තොරතුරු දැනුම් දිය හැකියි.

මෙම දුෂ්කර මොහොතේ හිරු මාධ්‍ය ජාලය ඔබව තනි නොකර රට වෙනුවෙන් හිරු සහන යාත්‍රාව දියත් කරමින් ඔබ වෙනුවෙන්ම කැප වන්නෙමු.



ඉන්දියාවේ සරණාගත කදවුරක සිට පියෙකුට සහ දියණියකට මෙරටට පැමිණීමට සහය දුන් 6ක් අත්අඩංගුවට
Sunday, 07 June 2020 - 15:47

කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් ඉන්දියාවේ සරණාගත කදවුරක සිට... Read More

ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
Sunday, 07 June 2020 - 15:16

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අතුරුගිරිය ඇතුළු... Read More

පෙරහුරු ඡන්දය සාර්ථකව අවසන් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 15:07

අම්බලන්ගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ පැවති ආදර්ශ මැතිවරණය... Read More