ගර්භනී මව්වරුන්ගේ සෞඛ්‍ය ගැටළු කියන්න 24 පැයේ ක්‍රියාත්මක දුරකථන සේවාවක්

Friday, 27 March 2020 - 7:39

%E0%B6%9C%E0%B6%BB%E0%B7%8A%E0%B6%B7%E0%B6%B1%E0%B7%93+%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+24+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ගර්භනී මව්වරුන්ගේ සෞඛ්‍ය ගැටලු සඳහා පිළිතුරු දීමට ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය 24 පැය පුරා ක්‍රියාත්මක දුරකථන උපකාරක සේවාවක් ආරම්භ කර තිබෙනවා.

0710 301 225 අංකය ඔස්සේ ගර්භණී මව්වරුන්ට තමන්ට පවතින ගැටලු සම්බන්ධයෙන් විමසීමක් සිදුකළ හැකි බවයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය යූ.ඩී.පී. රත්නසිරි සඳහන් කළේ.

ඇඳිරි නීතිය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවීම නිසා මාතෘ සායන වෙත පැමිණීමේදී ගැටලුවලට මුහුණදීමට ඇතැම් මව්වරුන්ට සිදුව තිබෙනවා. එමෙන්ම, ඇතැම් මව්වරුන් රෝහල් වෙත පැමිණීමට බියක් ද දක්වනවා.

මේ අතර, හදිසි අවශ්‍යතාවක් මතුවන අවස්ථාවලදී 1990 අංකය ඔස්සේ සුවසැරිය ගිලන් රථ සේවය සම්බන්ධ කර ගත හැකි බවයි සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරි සොහාන් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.