ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ උතුරේ වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම්

Friday, 27 March 2020 - 9:14

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B6%B4%E0%B7%9D%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A
යාපනය දිස්ත්‍රික්කය හැර උතුරු පළාතේ සෙසු දිස්ත්‍රික්කවලට පනවා තිබූ ඇඳිරි නීතිය අද උදෑසන 6ට ඉවත් කිරීමත් සමඟ ජනතාව වෙළඳසැල් වෙත පැමිණෙමින් සිටින බව හිරු වාර්තාකරුවන් පවසනවා.

ඇතැම් සතොස අලෙවිසැල් ඉදිරිපිට මෙන්ම බොහෝ වෙළදසැල් ඉදිරිපිට විශාල ජනතාවක් රැස්ව සිටි බවයි වාර්තා වන්නේ.

මේ අතර, නිදහස් වෙළඳ කලාපවල සේවක සේවිකාවන්ට සිය නිවෙස් වෙත යාම සඳහා රජය ඊයේ අවස්ථාව ලබාදීමත් සමඟ ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බස්නාහිර පළාතේ පිහිටි කටුනායක, බියගම ඇතුළු ආයෝජන ප්‍රවර්ධන කලාප ඉදිරිපිට සේවක සේවිකාවන්ගෙන් පිරී ගොස් ඇති බව වාර්තා වනවා.

ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ඔවුන් නේවාසිකාගාරවල රැදී සිටි අතර, විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඊයේ සඳහන් කළේ පොලීසිය සහ හමුදාවේ මැදිහත්වීමෙන් මොවුන්ට ප්‍රවාහන පහසුකම් ලබාදී නිවෙස් වෙත පිටත් කර හරින බවයි.