නිරෝධායනය වූ තවත් 501ක් නිවෙස් වෙත (වීඩියෝ)

Friday, 27 March 2020 - 10:05

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+501%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%AD+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විදෙස් රටවල සිට පසුගිය කාලයේ මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ තවත් පුද්ගලයන් 501 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටත් කර යැවුණා.

ඒ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ 4 වන කණ්ඩායම ලෙසයි.

මඩකලපුව - පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් 167 ක පිරිසක් මුදා හැරුණු අතර, පොළොන්නරුව - කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් 25 දෙනෙකු පිටව ගියා.

එමෙන්ම, අද වැඩිම පිරිසක් පිටව ගියේ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයෙන්. එම සංඛ්‍යාව 309 ක්.

දියතලාව නිරෝධායන කඳවුරේ සිට පැමිණි හම්බන්තොට දිස්ත්‍රික්කයේ 11 දෙනෙකු ඔවුන්ගේ ඥාතීන්ට භාරදීමට පෙර සෞඛ්‍ය අංශ නිලධාරින්, පොලීසිය සමග එක්ව ඔවුන්ට උපදෙස් ලබා දුන්නා.

මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථාන වල සිට නිවෙස් වෙත මුදා හැරුණු සම්පූර්ණ පුද්ගලයන් සංඛ්‍යාව 1236ක් බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටින තම වැසියන් නැවත ගෙන්වා ගැනීම සඳහා රුසියාව, ස්විට්සර්ලන්තය සහ ජර්මනිය යන රටවල සිට ගුවන් යානා 3ක් කටුනායක ගුවන්තොටුපල වෙත එවා තිබුණා.