රජයේ ඔසුසැල් හැර අනෙකුත් ඖෂධ අලෙවිසැල් සහ සුපිරි වෙළඳසැල් වසා දමන්නැයි නියෝග

Friday, 27 March 2020 - 15:00

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%94%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%85%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට, දැනුම් දෙනවා. එය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලූවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරිම සඳහා බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව ඇඳිරි නීති රෙගුලාසි තදින්ම ක්‍රියා කළ යුතුව ඇති බව ද ඊට අදාළ නිවේදනයේ දැක්වුණා.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ඔසුසැල් හැර අනෙකුත් සියලූම ඖෂධ අලෙවිසැල් වහා වසා දමන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න අද නියෝග කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙම නියෝගය ලබාදී ඇති බවයි.

 ඒ අනුව, ඖෂධ නිවෙස්වලට බෙදා හැරීම සඳහා පමණක් අවසර ලබාදී තිබෙනවා.

එමෙන්ම, අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා සුපිරි වෙළඳසැල්වලට අවසර ලබාදී තිබූ අතර, එම වෙළඳසැල් විවෘත කර පාරිභෝගිකයන්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති බැවින් වහා එම වෙළඳසැල් ද වසා දමන ලෙසයි වැඩබලන පොලිස්පතිවරයා නියෝග කර තිබුණේ.

දිවයිනේ සියලූ ඖෂධ අලෙවිසැල් විවෘත කර තැබීමට රජය තීරණය කිරීමෙන් පසු ඇතැම් පාර්ශවයන් පැරණී ඖෂධ වට්ටෝරු පවා රැගෙන ඔසුසැල් වෙත යන මුවාවෙන් වෙනත් ගමන්වල යෙදෙන බවට පසුගිය දින කිහිපය පුරා චෝදනා එල්ල වුණා.







ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
Sunday, 07 June 2020 - 15:16

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අතුරුගිරිය ඇතුළු... Read More

පෙරහුරු ඡන්දය සාර්ථකව අවසන් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 15:07

අම්බලන්ගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ පැවති ආදර්ශ මැතිවරණය... Read More

දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More