ඖෂධ නිවෙසටම ගෙනැවිත් දෙන ක්‍රියාවලිය සිදුවෙන හැටි ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිළි කිරීමක්

Friday, 27 March 2020 - 16:51

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඖෂධහල් වෙත මහජනතාව පැමිණීම සීමා කිරීම වෙනුවෙන් පෞද්ගලික ඖෂධහල් මගින් ඖෂධ නිවසටම ගෙනැවිත් දීම සඳහා ක්‍රියාවලියක් හඳුන්වාදී තිබෙනවා.

මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් දිවයින පුරා ඖෂධහල් හඳුනාගෙන ඇති අතර එම ඖෂධහල් ලැයිස්තුව සෞඛ්‍ය අමාත්‍යංශයේ www.health.gov.lk වෙබ් අඩවිය මගින් හෝ http://bit.ly/slpharm මගින් ලබාගත හැකියි.

තෝරාගත් ඖෂධහල්වල ලිපිනය, දුරකථන අංකය,  (WhatsApp, Viber, Imo) අංකය හා ඖෂධවේදියාගේ නම එමගින් ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ.

මෙහිදී ඖෂධ සඳහා මුදල් අයකරන අතර එම බිලට සාධාරණ ප්‍රවාහන ගාස්තුව ද ඇතුලත් කෙරෙනවා.

ඖෂධ සඳහා ගෙවීම අත්පිට මුදලට හෝ අන්තර්ජාලය හරහා සිදු කළ හැකියි.

කිසියම් අයෙකුට ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය වන්නේ නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු විසින් මෑතකදී නිර්දේශිත බෙහෙත් වට්ටෝරුවේ ඡායාරූපයක් ගෙන එය WhatsApp, Viber හෝ Imo හරහා තෝරාගත් ෆාමසිය වෙත යොමු කළ යුතුයි.

ෆාමසිය මගින් එම ඖෂධ පැය 24ක් ඇතුළත නිවසටම ගෙනැවිත් දෙනු ඇති.

ඖෟෂධ ලබාගැනීමට උපදෙස් සහ ඖෂධවේදියාගේ දුරකථන අංකය ඖෂධ පැකට්ටුවේ සඳහන් කරනු ලබන අතර යම් ගැටලුවක් මතුවුවහොත් ඖෂධවේදියා අමතන ලෙසටයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

වැඩිදුර තොරතුරු සඳහා 0720 720720 අංකය ඇමතීමෙන් සිංහල හා ඉංග්‍රීසි භාෂාවෙන් ද 0720 606060 අංකය ඔස්සේ දෙමළ භාෂාවෙන් ද තොරතුරු ලබාගත හැකියි.



හලාවත අනතුරකින් ඇඟළුම් සේවිකාවන් සිව්දෙනෙකුට තුවාල (වීඩියෝ)
Thursday, 04 June 2020 - 12:13

හලාවත නගර වටරවුමේදී අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් තුවාල... Read More

පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කළ ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් කොවිඩ් ආසාදිතයෙක්
Thursday, 04 June 2020 - 11:12

පොලිස් නිලධාරියෙකුගේ අමානුෂික ක්‍රියාවකින් මියගිය ඇමරිකාවේ... Read More

කිසිදු ආකාරයක අලුතින් මුදල් මුද්‍රණය කිරීමක් සිදුකර නෑ
Thursday, 04 June 2020 - 11:01

ඇතැමුන් පවසන අන්දමට ශ්‍රී ලංකා මහබැංකුව විසින් අලුතින් කිසිදු... Read More