කොරෝනා හොයන්න ගෙනා රෝගියා පැන යන්න හැදූ හැටි මෙන්න

Friday, 27 March 2020 - 18:16

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කොවිඩ්-19 හෙවත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම්කළ රෝගියෙකු පසුගියදා පානදුර රෝහලේ සිට හෝමාගම රෝහල වෙත මාරුකර එවා තිබෙනවා.

ඒ හෝමාගම රෝහල මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබවට සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් ලෙස නම්කර ඇති බැවින්.

එහිදී අදාළ රෝගියාට කොවිඩ්-19 හෙවත් කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි සොයාබැලීම සඳහා පරීක්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.

පසුව තහවුරු වී ඇත්තේ එම වෛරසය අසාදනය වී නොමැති බවයි.

අදාළ පරීක්ෂණවලදී තහවුරු වී ඇති අනෙක් කරුණ නම් මෙම පුද්ගලයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බවයි.

ඔහුගේ මෙම අසාත්මිකතාවලට හේතුව දින කිහිපයක් තිස්සේ මත්පැන් නොමැතිවීම බව ද වැඩිදුර පරීක්ෂණවලදී වෛද්‍යවරුන් තහවුරු කරගෙන තිබෙනවා.

ඔහු රෝහලෙන් නිදහස් කිරීම සඳහා භාරකරුවෙකු පැමිණෙනතුරු රඳවාගෙන ඇති අතර අද දිනයේ මෙම රෝගියා රෝහලේ ගොඩනැගිල්ලක සැඟවීමට උත්සාහ ගැනීම හේතුවෙන් රෝහල් බලධාරීන්ට සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයට ඔහු මෙල්ලකර ගැනීමට පොලිසියේ ද සහය පැතීමට සිදුවූනා.

ඔහු මෙලෙස සැඟවී සිට පැන යාමට උත්සහදරා ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අවසානයේ මෙම රෝගියා රෝහල් බලධාරීන් සහ පොලිසියේ මැදිහත්වීමෙන් නැවත පානදුර රෝහල වෙත යැවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මොහු මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙකු බවට වැඩිදුර තොරතුරු අනාවරණ වී තිබෙනවා.






පාස්කු ප්‍රහාරයේ රහසිගත ඡායාරූප කොමිසමට (වීඩියෝ)
Thursday, 04 June 2020 - 12:38

පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවේ මෙතෙක් අනාවරණ... Read More

මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 839 දක්වා ඉහලට
Thursday, 04 June 2020 - 12:35

තවත් රෝගීන් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමඟ... Read More

හලාවත අනතුරකින් ඇඟළුම් සේවිකාවන් සිව්දෙනෙකුට තුවාල (වීඩියෝ)
Thursday, 04 June 2020 - 12:13

හලාවත නගර වටරවුමේදී අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් තුවාල... Read More