මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලාංකිකයන්ට රජයෙන් ඉල්ලීමක්

Friday, 27 March 2020 - 18:16

%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා ජීවත්වන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙසට මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රජය ඉල්ලීමක් කරනවා.

කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම වැළැක්වීමට රජය පියවර රැසක් ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

රට තුළ වෛරසය පැමිණීම සහ පැතිර යාම වැළැක්වීමේ පියවරක් ලෙස විදේශවලින් පැමිණීම සම්පූර්ණයෙන් නවතා දමා තිබෙනවා.

සෙසු රටවල ද මෙම පියවර අනුගමනය කරමින් රට තුළ ගමනාගමන කටයුතු මෙන්ම ගුවන් ගමන් ද අත්හිටුවා ඇති බවයි රජය පෙන්වා දෙන්නේ.

විදෙස්ගත සිසුන්, ව්‍යාපාරිකයන් සහ රැකියාවල නිරත පිරිස් මෙරටට පැමිණීමට කරන ඉල්ලීම් රට තුළ කොරෝනා වෛරසය මර්දනය කර තත්වය යහපත් අතට හැරීමෙන් පසු සලකා බලන බවයි රජය දැනුම් දෙන්නේ.

මේ වන විට තමන් සිටින  ස්ථානවලින් ගුවන් තොටුපළවලට හෝ වෙනත් ස්ථාන වෙත ගමන් කිරීමෙන් ඔවුන්ට ද මෙම රෝගය වැළඳීමේ අවදානමක් පවතිනවා.

එබැවින් තමන් පිළිබඳ තොරතුරු අදාළ රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල හෝ කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය හෝ සමග හුවමාරු කර ගනිමින් සුරක්ෂිතව සිටින ලෙසටයි මව්බිමට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ඉල්ලා සිටින්නේ.


යහපාලන ආණ්ඩුව වී ගබඩාකළ, සැලසුම් ගුවන් ගමන් කිසිවක් නොකෙරුණු මත්තල ගැන රජය ගත් තීරණය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 12:53

ලබන අගෝස්තු මාසයේ සිට ගුවන් සමාගම් කිහිපයක් මත්තල රාජපක්ෂ... Read More

පාස්කු ප්‍රහාරයේ රහසිගත ඡායාරූප කොමිසමට (වීඩියෝ)
Thursday, 04 June 2020 - 12:38

පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවේ මෙතෙක් අනාවරණ... Read More

මෙරට පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 839 දක්වා ඉහලට
Thursday, 04 June 2020 - 12:35

තවත් රෝගීන් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යාමත් සමඟ... Read More