කොළඹ, කළුතර, ගම්පහ සහ යාපනය හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට පැය අටකට ලිහිල් කෙරේ

Sunday, 29 March 2020 - 7:50

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%2C+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B6%BB%2C+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%84+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B7%83%E0%B7%99%E0%B7%83%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%80%E0%B6%BD+%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%85%E0%B6%A7%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මහනුවර - අකුරණ සහ පුත්තලම - කඩයන්කුලම ගම්මානයේ කොටසක් වසා දැමීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

ඒ, කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු බැගින් වාර්තාවීමත් සමඟයි.

මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, ගම්පහ, කළුතර සහ යාපනය යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු දීර්ඝ කිරීමටයි මීට පෙර රජය පියවර ගනු ලැබුවේ.

අනෙකුත් දිස්ත්‍රික්කවලට හෙට උදෑසන හයට ඇඳිරි නීතිය තාවකාලිකව ඉවත් කරන අතර, එය පස්වරු දෙකට යළි පැනවීමට නියමිතයි.

මේ අතර, ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාවේදී එය උල්ලංඝනය කළ පුද්ගලයින් 6041 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පසුගිය 20 වන දා දහවල් 12 සිට අද පෙරවරු 6 දක්වා ගත වූ කාලසීමාව තුළදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

එමෙන්ම, ඇඳිරි නීතිය උල්ලංගණය කළ වාහන 1477ක් ද එම කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


277 දෙනෙකු රැගත් ‘‘අයිලන්ඩ් ප්‍රින්සස්’’ කොළඹ වරායට
Sunday, 31 May 2020 - 13:19

කාර්ය මණ්ඩලයේ 277 දෙනෙකු රැගත් අයිලන්ඩ් ප්‍රින්සස් මගී නෞකාව... Read More

සුවය ලැබූ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 801ක් දක්වා ඉහළට
Sunday, 31 May 2020 - 13:13

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින්... Read More

මෙරට  5,318ක් තවමත් නිරෝධායනයේ
Sunday, 31 May 2020 - 13:08

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටින සංඛ්‍යාව මේ වනවිට... Read More