නිවසකට පැමිණි දැවැන්ත පිඹුරන් 6ක් වනජීවී නිලධාරීන් විසින් රක්ෂිතයකට මුදාහරී (වීඩියෝ)

Sunday, 29 March 2020 - 10:25

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%BB%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
තලාතුඔය උඩුදෙණිය ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි දැවැන්ත පිඹුරන් 6 දෙනෙකු අල්ලා රන්දෙණිගල රක්ෂිතයට මුදාහැරීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

නිවසක නාන කාමරයට පැමිණ සිටි පිඹුරන් 6 දෙනා ඊයේ සවස කීර්තිබණ්ඩාරපුර වනජීවී නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි අල්ලා ගැනුනේ.
මෙම පිඹුරන් අතරින් 5 දෙනෙකු පිරිමි සතුන් වන අතර එක් අයෙක් ගැහැණු සතෙක්.

මෙම කාලය පිඹුරන්ගේ ප්‍රජනන සමය වන අතර ගැහැණු සතුන් සිටින ස්ථානවලට පිරිමි පිඹුරන් ඇදී යාම සාමාන්‍ය තත්වයක් බව වනජීවී නිලධාරීන් ප්‍රකාශකර තිබෙනවා.



විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට ගෙන්වා ගැනීමේදී නව ක්‍රමවේදයක් (වීඩියෝ)
Thursday, 28 May 2020 - 9:52

මැද පෙරදිග ඇතුළු විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් යළි මව්බිමට... Read More

පොදු ප්‍රවාහනය ගැන පොලීසිය තවමත් නොසතුටින් - බස් සංගමයකින් තවත් යෝජනාවක්
Thursday, 28 May 2020 - 7:54

විවිධ නගරවල සිට අදත් දුම්රිය 31 ක් කොළඹ බලා ධාවනයට සැළසුම්... Read More

වඳවීමේ තර්ජනයට ලක්වී ඇති විල් මුවෙකු කරන්දෙණියෙන් සොයාගැනේ
Thursday, 28 May 2020 - 7:39

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති මුවන් වර්ගයක් වන විල් මුවෙකු ගාල්ල... Read More