ජනපති ට්‍රම්ප් නිව්යෝක් වසා දැමීමේ තීරණය අත්හරී

Sunday, 29 March 2020 - 11:34

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%BB%E0%B7%93
කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් එනම්, එක්ලක්ෂ විසි හතරදහසක් සහ මරණ 2,190ක් වාර්තාවන ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් ප්‍රාන්තය වසා දැමීමට ගෙන තිබූ තීරණය ජනපති ට්‍රම්ප් විසින් අතහැර දමා තිබෙනවා.

ඔහු කියා සිටියේ අත්‍යාවශ්‍ය පියවර ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා විසින් ක්‍රියාවට නංවන්නේ නම් එවැනි පියවරක් අත්‍යාවශ්‍ය නොවන බවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ ආසාදිතයන් අතරින් බහුතරයක් එනම් 52,000 කට අධික සංඛ්‍යාවක් වාර්තාවන්නේ නිව්යෝක් පුරවරයෙන්.

නිව්යෝක් ඇතුලු නගර කිහිපයක් නිරෝධායනය කිරීමට අදහස් කරන බව ජනපති ට්‍රම්ප් මීට පෙර කියා සිටියා.

කෙසේ නමුත් නිව්යෝක්, නිව්ජර්සි ඇතුලු කොරෝනා වෛරසය පැතිර ඇති ප්‍රාන්තවල ජනතාවට අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා ඉදිරි දින 14ක කාලය තුළ සංචාරණයෙන් වැළකී සිටින ලෙසයි ඇමරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය නිවේදනය කළේ.


රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More

ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More