සෞදි අරාබිය මිසයිල ප්‍රහාරයක් වළකයි

Sunday, 29 March 2020 - 13:21

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
යේමනයේ ඉරාන හිතවාදී හවුති කැරළිකරුවන් විසින් එල්ල කළ බැලස්ටික් මිසයිල දෙකක් ගුවනේදී විනාශ කිරීමට හැකිවූ බව සෞදි අරාබිය ප්‍රකාශ කළා.

රියාද් නුවර සහ ජිසාන් නගර ඉලක්ක කරගෙන එල්ල කළ එම මිසයිලවලින් සෞදි අරාබිය තුළ ජීවිත හානි වාර්තා නොවූ බවද සෞදි සන්ධානයේ ප්‍රකාශක කර්නල් තුර්කි අල් මල්කි කියා සිටියා.

කෙසේ නමුත් විනාශ කළ මිසයිලවල කොටස් රියාද් සහ ජිසාන් නගරවල ජනාකීර්ණ ප්‍රදේශවලට වැටී ඇති බව සඳහන්. සෞදි සන්ධානයේ හමුදා ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ යේමන හවුති කැරළිකරුවන් සහ ඉරාන විප්ලවකාරී හමුදාව සටන් විරාමයක් සඳහා එකඟ වුවද, ඒ අනුව කටයුතු නොකරන බවයි.

ජාත්‍යන්තරව පිළිගත් රජය පළවා හැර හවුති කැරළිකරුවන් බලය අත්පත් කරගැනිමෙන් අනතුරුව සෞදි අරාබිය ප්‍රමුඛ ගල්ෆ් සන්ධානය යේමනයට ප්‍රහාර එල්ල කරන්නේ වසර පහක සිටයි.


රුසියාව අභිබවා වැඩිම කොරෝනා ආසාදිතයන් බ්‍රසීලයෙන්
Thursday, 28 May 2020 - 8:05

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් දෙවන තැනට වාර්තාවන... Read More

ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More