ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වෙයි

Sunday, 29 March 2020 - 13:53

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B6%87%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද තහවුරු කර ගැනීමත් සමඟ මෙරටදී වෛරසය ආසාදනය වූ පුද්ගලයින් පිරිස 115 දක්වා ඉහළ ගියා.

වෛරසය ආසාදිතව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා අද රෝහලෙන් පිටත්වයෑමත් සමඟ මේ වනවිට 11 දෙනෙකු රෝගයෙන් පූර්ණ සුවය ලබා තිබෙනවා.

මේ අතර කොවිඩ් 19 රෝගීන් හමුවූ කළුතර - අටළුගම සහ මහනුවර - අකුරණ ප්‍රදේශ වසා දමා තවදුරටත් හුදෙකලා කිරීමට රජය තීරණය කළා.

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති  බවට තහවුරුවීමත් සමඟ ඇය බෝ වන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෑම ගුවන් ගමනක් අවසානයේම අදාළ කාර්ය මණ්ඩල දින 14ක නිරෝධායනයකට ලක් කර ඇති අතර, වෛරසය ආසාදිත බවට හඳුනා ගත් මෙම ගුවන් සේවිකාව සමඟ සිටි කාර්ය මණ්ඩලය ද මේ වනවිට නිරෝධායනයට යොමු කර ඇති බව සඳහන්.

මෙරටදී කොවිඩි 19 වෛරසය ආසාදිත පළමු ශ්‍රී ලාංකිකයා ඉකුත් මාර්තු මස 11 වැනිදා වාර්තා වූ අතර    ගත වූ දින 18ක කාලය තුළ දිවයිනේ වෛරසය අසාදිතයින්  වාර්තා වී තිබුණේ  මෙලෙසයි.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශය අද පෙරවරු 10ට නිකුත් කළ වාර්තාවට අනුව තවමත් වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

කොවිඩි 19 වෛරසය  අසාදනය වී අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පූර්ණ සුවය ලබා අද ඉන් පිටත්ව ගියා.

ඒ අනුව මේ වනවිට චීන ජාතික කාන්තාව ඇතුළු මෙරටදි IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛරසය ආසාදිත රෝගීන් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා.

මීට අමතරව වෛරසය ආසාදිත බවට සැකසහිත රෝග ලක්ෂණ මතු වූ පුද්ගලයින් 117 වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පවතිනවා.

මේ අතර බණ්ඩාරගම, අටළුගම ප්‍රදේශයෙන් කොවිඩි 19 වෛරසය ආසාදිත පුද්ගලයකු හඳුනා ගැනීමත් සමඟ එම ගම්මානය පසුගිය 27 වැනිදා සිට මාර්ග වසා දමා බාහිර සබඳතාවලින් හුදෙකලා කිරීමට රජය පියවර ගත් අතර අටළුගම ප්‍රදේශයට ඇතුළුවීමට ඇති මාර්ග 8ක් පොලිස් මාර්ග බාධක යොදා අවහිර කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා සදහා එම ප්‍රෙද්ශයට ඇතුළු වූ රථ වාහන පිටතට පැමිණීමේදී විජබීජ හරණයට ලක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.






ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
Sunday, 07 June 2020 - 15:16

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අතුරුගිරිය ඇතුළු... Read More

පෙරහුරු ඡන්දය සාර්ථකව අවසන් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 15:07

අම්බලන්ගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ පැවති ආදර්ශ මැතිවරණය... Read More

දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More