තවත් තුන්දෙනෙකු අලුතින් හඳුනා ගනී - මෙරට කොරෝනා ආසාදිතයන් 120 දක්වා ඉහළට

Monday, 30 March 2020 - 9:52

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+120+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, නව ආසාදිතයන් තුන්දෙනෙකු අද හඳුනාගැනීමත් සමඟයි.

වෛද්‍ය අධීක්ෂණය යටතේ තවත් 117 දෙනෙකු පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය අද පෙරවරු 10 ට නිකුත් කළ වාර්තාවේ සඳහන්.

එමෙන්ම වෛරසය ආසාදනය වූ 120 දෙනා අතරින් රෝගීන් 11 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මේ අතර විදේශයන් හි සිට දිවයිනට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තවත් 132 කු නිරෝධායන කටයුතු අවසන් කර අද නිවෙස් බලා පිටත්ව ගියා.

ඉන් 73 දෙනෙකු දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිට පිටව ගොස් ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ.

එමෙන්ම තවත් 59 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිට දින 14ක නිරෝධායන කාලය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.

පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිට මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ ප්‍රංශය, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට පැමිණි මාතර, කොළඹ, බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව සඳහන්. එම පිරිස අතර ස්වාමීන් වහන්සේ නමක්ද සිටිනවා.


දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කරයි
Thursday, 09 July 2020 - 20:50

කල් දැමුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන වසරේ ජුනි... Read More

අත්අඩංගුවට ගත් නාකොටික් නිලධාරීන්ට අයත් වාහන 07ක් සොයා ගැනේ (වීඩියෝ)
Thursday, 09 July 2020 - 20:24

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නාකොටික්... Read More