ඇඳිරි නීතිය උල්ලංගණය කළ 7358ක් අත්අඩංගුවට

Tuesday, 31 March 2020 - 6:52

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+7358%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක බවත් සෙසු දිස්ත්‍රික්කවලට අප්‍රේල් 1 වනදා ලිහිල් කරන ඇදිරි නීතිය එදින පස්වරු 2 ට යළි පනවන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ද සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ අටලූගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම තවදුරටත් හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් සදහන් කළේ.

ඒ අනුව, එම ගම්මාන වලට කවරෙකුට හෝ ඇතුළු වීම හෝ පිටවීම නැවත දැනුම් දෙනතුරු තහනම් වනවා.

මේ අතර, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ යම් යම් ප්‍රදේශ වලට මුද්‍රා තබා ඇති බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළ වන වාර්තාවන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි.

එවැනි අසත්‍ය තොරතුරු පළ කරන්නන් හදුනා ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම, ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 7358ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලය තුළ වාහන 1768 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.


දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More

මහියංගණයේ ගම්මාන රැසක ජනතාවට වන අලින්ගෙන් බලපෑම් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:33

වවන්නෝ දිනන්නෝ කියලා කිව්වාට, වන අලීන්ගේ ආක්‍රමණයන් හේතුවෙන්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් සුවය ලබයි
Sunday, 07 June 2020 - 13:09

ආසාදිතයින් 50 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරටදී කොරෝනා... Read More