ඇඳිරි නීති කාලය තුල මාර්ගවල සැරිසරන්නන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Tuesday, 31 March 2020 - 11:49

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9F%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තම සේවා හැඳුනුම්පත් ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිතා කිරීමට අවසර ලත් තැනැත්තන් හා එම වාහන හැර ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව මහා මාර්ගයේ, අතුරු මාර්ගවල ගමන් ගන්නා සියළුම තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසනවා.

ඔවුන් නිරෝධායන රෙගුලාසි යටතේ සහ අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට ද කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී අධිකරණයෙන් වැරදිකරු වුවහොත් සිර දඬුවමකට සහ දඩයකට ද යටත් වීමට සිදුවනු ඇති.

මීට අමතරව එලෙස අත්අඩංගුවට ගන්නා වාහන ද පොලිස් භාරයට ගෙන කොරෝනා වසංගත තත්ත්වය පහව යන තෙක් රදවා තබා ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More

මහියංගණයේ ගම්මාන රැසක ජනතාවට වන අලින්ගෙන් බලපෑම් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:33

වවන්නෝ දිනන්නෝ කියලා කිව්වාට, වන අලීන්ගේ ආක්‍රමණයන් හේතුවෙන්... Read More

තවත් කොරෝනා ආසාදිතයින් 50ක් සුවය ලබයි
Sunday, 07 June 2020 - 13:09

ආසාදිතයින් 50 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග මෙරටදී කොරෝනා... Read More