තවත් කොරෝනා රෝගීන් දෙදෙනෙකු සුවය ලබා පිටව යයි

Tuesday, 31 March 2020 - 12:51

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොරෝනා ආසාදනය වී මුල්ලේරියාව සහ අයි.ඞී.එච්. රෝහල්වල ප්‍රතිකාර ලැබූ දෙදෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට කොරෝනා රෝගය ආසාදනය වී සුවය ලැබූ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 16ක්. මීට අමතරව රෝගය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයින් 104 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

කොවිඩි නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව 122ක්.

මේ අතර, කොරෝනා සම්බන්ධයෙන් තොරතුරු දැනුම් දීම සඳහා කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය වෙබ් අඩවියක් හඳුන්වා දී තිබෙනවා.

rakemuapi.cmb.ac.lk නැමති එම වෙබ් අඩවියෙන් හදිසි අවස්ථාවලදී වෛද්‍ය සැපයුම් ඇතුළු අත්‍යාවශ්‍ය සැපයුම් ඉල්ලා සිටීමට මෙන්ම කොරෝනා රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් පිළිබදව තොරතුරු දැනුම් දිය හැකි බවයි විදුලි සංදේශ නියාමන කොමිසම ප්‍රකාශ කළේ.


මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1635 දක්වා ඉහලට
Monday, 01 June 2020 - 17:52

තවත් කොරෝනා අසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

රටේම අවදානය යොමුවූ ඇමති තොණ්ඩමන් හදිසියේ අභාවප්‍රාප්ත වූයේ කෙසේ ද ?
Monday, 01 June 2020 - 17:50

පියාගේ අභාවයෙන් පසු මුල්වරට හිරුට කතාකළ ජීවින් තොන්ඩමන්... Read More

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම අවසන් - විභාගයට ගන්නවාද නැද්ද, තීරණය හෙට පස්වරුවේ
Monday, 01 June 2020 - 17:21

ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින්... Read More