ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 132 දක්වා ඉහළට

Tuesday, 31 March 2020 - 16:40

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+132+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොවිඞ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයන් තුන්දෙනෙකු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමුවූ කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ අද දිනයේදී නව ආසාදිතයන් දසදෙනෙකු හඳුනාගත් බවයි.

මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 16 ක් වන අතර, මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව දෙකක්.

මේ අතර කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෝග පැතිරීම පිළිබඳ වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව තුන ඒ මට්ටමේ සිට තුන බී තත්ත්වයට හෝ හතර මට්ටමට ඇතුලුවීමේ දැඩි අවදානමක් මේ වනවිට මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකාව මේ වනවිට තුන ඒ හෙවත් නිවෙස් ආශ්‍රිතව රෝගී සමූහයන් සිටින අවස්ථාවේ පවතින බවයි.

කෙසේ වෙතත් තුන බී තත්වය හෙවත් ගම හෝ නගරය තුළ කුඩා රෝගී කණ්ඩායම් සමූහ වශයෙන් වාර්තාවීම හෝ හතර වන මට්ටම හෙවත් රෝගය සමාජය තුළ පැතිරීමේ අවස්ථාවට ඇතුලුවීමේ දැඩි අවදානමක් මේ වනවිට පවතින බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ සියයට 80 කට වඩා වැඩි සමාජ දුරස්ථකරණයක් තහවුරු කිරීම සඳහා ගතයුතු සියලු ක්‍රියාමාර්ග දිවයින පුරා ඒකකාරී ලෙස ක්‍රියාවට නැංවිය යුතු බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිර්දේශ කරනවා.






ආනයනික කිරි ගවයන් රජයේ ගොවිපල සඳහා පමණයි
Thursday, 04 June 2020 - 13:15

මෙරටට ගෙන්වීමට නියමිත කිරිගවයන් 2500 රජයේ ගොවිපල සඳහා පමණක්... Read More

මහ නාහිමිවරුන්ගෙන් බෞද්ධ ජනතාවට ඉල්ලීමක්
Thursday, 04 June 2020 - 13:10

හෙටට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදී නිවසට වී ආගමික... Read More

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ බාහිර පාර්ශවයන්ගෙන් ඉවතට
Thursday, 04 June 2020 - 13:07

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වනු ලබන ප්‍රායෝගික... Read More