කොරෝනා වසංගත තත්වය සමඟ රෝහල්වල බාහිර රෝගී අංශ වලට සෞඛ්‍ය සේවා ලබාගැනීම සදහා පැමිණෙන රෝගීන්ට තම නිවසේ සිට වෛද්‍යවරයාගෙන් ප්‍රතිකාර සහ උපදෙස් ලබාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අද සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරම්භ කළා.
ඒ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් මෙම නියමු ව්‍යාපෘතිය ලෙස රිඡ්වේ ආර්යා ළමා රෝහල කේන්ද්‍ර කරගනිමින් අද ආරම්භකළා.
මෙම වැඩපිළිවෙල ඔස්සේ වෛද්‍යවරයා හා රෝගියා අතර ජංගම දුරකථන මාර්ගයෙන් වෛද්‍ය සේවාව ක්‍රියාත්මක කිරීමටයි කටයුතු සිදු කෙරෙන්නේ.
එහිදි ළමා ස්නායු රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඉහත වීඩියෝ තාක්ෂණය ඔස්සේ ළමා රෝගියෙකු පරීක්ෂාවට ලක්කිරීම සිදුකළා.
මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය ඉදිරියේ දී අනෙකුත් විශේෂිත රෝහල් තුල ක්‍රියාත්මක කිරීම නියමිතයි.
රෝගීන් විසින් මෙම සේවය ලබාගැනීම සඳහා oDoc app තම ජංගම දුරකථනයට භාගත කරගත යුතුයි.
මේ අතර අතර 0770773333 දුරකථන අංකය ඔස්සේ සහ අන්තර්ජාලයේ oDoc.life ලෙස සටහන් කොට පරිශිලනය කිරීමෙන් ද මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීමේ හැකියාව පවතිනවා.
එම අවස්ථාවට රිඡ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ ජී.විඡේසුරිය, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ඇතුලු වෛද්‍යවරු පිරිසක් එක්ව සිටියා.