අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු එළියට

Tuesday, 31 March 2020 - 21:39

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+10+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
පුත්තලමෙන් හමුවූ කොරෝනා අසාදිතයා සමඟ ඉන්දුනීසියාවේ සංචාරය කළ තවත් 5 දෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන්, අලුතින් සොයාගත් ආසාදිතයන් 10 දෙනා අතර සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

මෙරටින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව අද 142 දක්වා ඉහළ ගියා.

ඒ, වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 20 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

මේ අතර, වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුන්දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටව ගිය අතර, මේ වනවිට පූර්ණ සුවය ලැබූ පිරිස 16 ක්.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ වාර්තාවට අනුව තවමත් වැඩිම කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල දැනට ප්‍රතිකාර ලබන පිරිස 173 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසාදිතයෙකු හමුවීම හේතුවෙන් බාහිර සබඳතාවලින් හුදෙකලා කර තැබීමට සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කටයුතු කළ මහනුවර, අකුරණ ගම්මානයේ ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා.





මැනිං වෙළඳපොල හෙට සිට යළි ඉරිදාත් විවෘතයි
Saturday, 06 June 2020 - 16:02

කොළඹ මැනිං පොදු වෙළඳ පොල යළි හෙට සිට සෑම ඉරිදා දිනකම විවෘතව... Read More

විනාශ මුඛයට යන, පල්ලම ශ්‍රී නන්දිමිත්‍ර නවවංගු රජ මහා විහාරය (වීඩියෝ)
Saturday, 06 June 2020 - 15:40

ලක් ඉතිහාසයේ ස්වර්ණමය යුගයකට හිමිකම් කියන ක්‍රිස්තුපූර්ව... Read More

ලොරියක් මතට අධි බලැති විදුලි රැහැනක් කඩා වැටී දෙදෙනෙකු මියයයි (ඡායාරූප)
Saturday, 06 June 2020 - 15:09

මාතලේ - මහවෙල - මඩවලඋල්පත - හතමුණගාල ප්‍රදේශයේදී කොස්ගසක අත්තක්... Read More