ඉතා අවධානම් දිස්ත්‍රික්ක 6ට අඛණ්ඩව ඇදිරි නීතිය

Wednesday, 01 April 2020 - 9:29

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+6%E0%B6%A7+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80+%E0%B6%87%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
දැනට ඇදිරි නීතිය ලිහිල් කර ඇති දිස්ත්‍රික්කවලට අද පස්වරු 2 සිට ලබන 6 වන සදුදා උදෑසන 6 දක්වා යළි පොලිස් ඇදිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

එම දිස්ත්‍රික්කවලට එදින දහවල් දෙකේ සිට යළි ඇදිරි නීතිය පනවනු ඇති.

මේ අතර, කොරෝනා වෛරස් ව්‍යාප්තියේ ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හදුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය යළිත් දැනුම්දෙනතුරු බලාත්මක බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සදහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සදහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කවර දිස්ත්‍රික්කයක වුව ද ගොවිතැන් සහ කුඩා තේ වතු, අපනයන බෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත ජනතාවට එම වැඩකටයුතු කර ගෙන යාම සදහා අවසර ලබාදී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.





වටවල ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්වෙයි (වීඩියෝ)
Saturday, 06 June 2020 - 17:16

හැටන්, වටවල හයිඩ්‍රි ප්‍රදේශයේදී සිට හැටන් දක්වා ධාවනය වෙමින්... Read More

විශේෂ පෙරහුරු මැතිවරණය හෙට අම්බලන්ගොඩදී
Saturday, 06 June 2020 - 17:02

නිරෝධායන නීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්... Read More

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Saturday, 06 June 2020 - 16:46

ඉදිරි පැය 24ක කාලය තුළ කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ... Read More