බන්ධනාගාර බස් රථයක් පෙරළි නිලධාරීන් 6ක් රෝහලේ - (වීඩියෝ)

Wednesday, 01 April 2020 - 11:29

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+-+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නුවරඑළිය සිට බදුල්ල බන්ධනාගාරය දක්වා දක්වා ධාවනය වු බන්ධනාගාර බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් මතට පෙරලිමෙන් එම බස් රථයේ ගමන් ගත් බන්ධනාගාර නිලධාරින් හයදෙනෙකු නුවරඑළිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නුවරඑලිය පොලිසිය පවසනවා.

(31) දින පස්වරු 5.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ නුවරඑළිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ හග්ගල උද්භිද උද්‍යානය අසල මහ වංගුව ප්‍රදේශයේදියි.

අනතුරෙන් බන්ධනාගාර නිලධාරිනියන් තිදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ රැදිවියන් කිසිවෙකු බස් රථය තුල නොසිට ඇති බවත්, මාර්ගයෙන් ඉවතට පැන ඇති බස් රථය නිවසක් මතට පෙරලිමෙන් අනතුරුව එම නිවසටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නුවරඑළිය පොලිසිය සදහන් කර තිබෙනවා.

බස් රථය නිවස මතට පෙරලෙන අවස්ථාවේ නිවස තුල සිටි අය බිය වි නිවසින් පිටතට දිවගොස් අනතුරෙන් බේරි ඇති බවත්, අනතුරෙන් බන්ධනාගාර බස් රථයටද දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් සදහන්.



විශේෂ පෙරහුරු මැතිවරණය හෙට අම්බලන්ගොඩදී
Saturday, 06 June 2020 - 17:02

නිරෝධායන නීති වලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්... Read More

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
Saturday, 06 June 2020 - 16:46

ඉදිරි පැය 24ක කාලය තුළ කොළඹ සිට පුත්තලම, මන්නාරම සහ කන්කසන්තුරේ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1804ක් දක්වා ඉහළට
Saturday, 06 June 2020 - 16:31

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More