COVID-19 ආසාදිතයින් හඳුනා ගැනීම PCR යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශයට

Wednesday, 01 April 2020 - 14:20

COVID-19+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+PCR+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
COVID-19 ආසාදිතයින් හදුනා ගැනීම සදහා රුපියල් මිලියන 23 ක වටිනාකමකින් යුත් PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දී තිබෙනවා.

COVID-19 හෙවත් නව කොරෝනා වෛසරය ආසාදිත රෝගීන් හදුනා ගැනීම සදහා කෙරෙන PCR (Polymerase chain reaction) පරීක්ෂණය සදහා යොදා ගන්නා යන්ත්‍ර දෙකක් අද දින (01) විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාරදෙනු ලැබුවා.

විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් මෙම නව උපකරණ ලබාදුන් අතර, මෙම උපකරණ පද්ධතියට අදාල සියලුම උපාංග ද ලබාදෙනු ලැබුවා.

රුපියල් මිලියන 23 ක් වටිනා නව PCR පරීක්ෂණ යන්ත්‍ර දෙක පරීක්ෂණ සේවා අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන අදාල රෝහල් වෙත ලබාදිමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කොට තිබෙනවා.

කොරෝනා ආසාදිත රෝගීන් හදුනාගැනීමේ කටයුතු කඩිනම් කිරිම මෙම පරිත්‍යාගයේ අරමුණ බව මෙම අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේය.


මහියංගණයේ ගම්මාන රැසක ජනතාවට වන අලින්ගෙන් බලපෑම් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:33

වවන්නෝ දිනන්නෝ කියලා කිව්වාට, වන අලීන්ගේ ආක්‍රමණයන් හේතුවෙන්... Read More

කොරෝනා ආසාදනය වී සිටි තවත් 50ක් සුවය ලබයි
Sunday, 07 June 2020 - 13:09

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි තවත්... Read More

මහ මැතිවරණයේ පෙරහුරුව සාර්ථකව (වීඩියෝ)
Sunday, 07 June 2020 - 12:49

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මහ මැතිවරණය පැවැත්වීම පිළිබඳ... Read More