ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් 288ක් අත්අඩංගුවට

Wednesday, 01 April 2020 - 14:41

%E0%B6%87%E0%B6%B3%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%8B%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%82%E0%B6%9D%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+288%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 288 දෙනෙකු අද පෙරවරු හයේ සිට මධ්‍යහ්න 12 දක්වා පැය හයක කාලය තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී වාහන 71 ක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, මේ අනුව ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගත් සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 8,739ක්.

 එසේම ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව දැනට වාහන 2149ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලසීමාවේදී ඒ සඳහා ලබාදෙන ඇඳිරි නීති බලපත්‍රය අවභාවිත කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එමෙන්ම ඇඳිරි නීතිය ඉවත් කර තිබූ කාලසීමාවේදි අනුරාධපුර - පොතානේගම ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පොළක් වටලා එහි සිටි 8 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.


ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
Sunday, 07 June 2020 - 15:16

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අතුරුගිරිය ඇතුළු... Read More

පෙරහුරු ඡන්දය සාර්ථකව අවසන් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 15:07

අම්බලන්ගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ පැවති ආදර්ශ මැතිවරණය... Read More

දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More