මෙරටදී ඇල්ලූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය දික්ඕවිට වරායට (වීඩියෝ)

Wednesday, 01 April 2020 - 15:26

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%95%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රී ලංකාව තුළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගන්නා ලද විශාලතම මත්ද්‍රව්‍ය ප්‍රමාණය වන අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 605ක් සහ එම මත්ද්‍රව්‍යවලටම සමාන කෙටමින් නැමති මත්ද්‍රව්‍ය කිලෝ 579ක් ඇතුලූ මත්ද්‍රව්‍ය තොගය රැගත් විදේශීය යාත්‍රාව අද වැඩිදුර විමර්ශන සඳහා දික්ඕවිට වරායට රැගෙන එනු ලැබුවා.

මීට පෙර වාර්තාවුණේ අදාළ යාත්‍රාවේ අයිස් මත්ද්‍රව්‍ය සහ කොකේන් තොගයක් තිබෙන බවටයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර නෞකාව මගින් දකුණු වෙරළේ සිට නාවික සැතපුම් 463 ක පමණ දුරින් වූ මුහුදේදී පසුගිය 28 වනදා අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 20 කට අධිකයි.

නාවික හමුදාව සඳහන් කළේ රාජ්‍යය ධජයක් රහිතව යාත්‍රා කරමින් තිබූ මෙම යාත්‍රාවේ තිබී  බාබුල් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳූනා නොගත් මත් පෙති ග්‍රෑම් 100ක් පමණ ප්‍රමාණයක් ද සොයාගත් බවයි.

මෙය ගතවූ මාස දෙක තුල ජාත්‍යන්තර මුහුදේදී ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබියදී අත්අඩංගුවට ගත් 3 වන විදේශීය යාත්‍රාවයි.

මීට පෙර පෙබරවාරි 22 සහ 25 දිනවල මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි විදේශීය යාත්‍රා දෙකක් සහ ඉන් ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ශ්‍රී ලාංකීය ධීවර යාත්‍රාවක් ද අත්අඩංගුවට ගනු ලැබුවා.

එහිදී විදේශිකයන් 16ක් සහ ශ්‍රී ලාංකිකයන් 5 දෙනෙකු ද ප්‍රවාහනයට සම්බන්ධ පුද්ගලයන් 6ක් ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.





එජාපය සමඟ පවතින ගණුදෙනුව මහ මැතිවරණයෙන් පසු විසඳා ගන්නා බව සමගි ජනබලවේගය පවසයි
Thursday, 04 June 2020 - 13:05

එක්සත් ජාතික පක්ෂය සමඟ පවතින ගණුදෙනුව මහ මැතිවරණයෙන් පසුව... Read More

තැපෑල සෙනසුරාදා වැසීමට හේතුව අතිකාල ගැටළුවක් - සේවකයින් වෘත්තිය ක්‍රියාමාර්ගවලට සැරසේ
Thursday, 04 June 2020 - 13:03

නොවැළැක්විය හැකි හේතුවක් නිසා දිවයිනේ සියලුම තැපැල් කාර්යාල... Read More

යහපාලන ආණ්ඩුව වී ගබඩාකළ, සැලසුම් ගුවන් ගමන් කිසිවක් නොකෙරුණු මත්තල ගැන රජය ගත් තීරණය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 12:53

ලබන අගෝස්තු මාසයේ සිට ගුවන් සමාගම් කිහිපයක් මත්තල රාජපක්ෂ... Read More