කොරෝනා වෛරසය ආසාදනයෙන් IDH රෝහලේදී තවත් අයෙකු ජීවිතක්ෂයට

Wednesday, 01 April 2020 - 23:36

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+IDH+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

72 හැවිරිදි ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙය කොරෝනා වෛරසය ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ තුන්වන මරණයයි.

ශ්‍රී ලංකාවේදී කොරෝනා වෛරසය ආසාදනයෙන් පළමු වරට මරණයට පත්වූයේ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු 60 හැවිරිදි අයෙක්.

සංචාරක මග පෙන්වන්නෙකු වන මෙම පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගියෙක් ද වනවා.

මේ අතර පසුගිය 30 වනදා පස්වරුවේ මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොච්චිකඩේ-  පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු මෙරටදී වෛරසය ආසාදනයෙන් මියගිය දෙවන පුද්ගලයායි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ කොරෝනා වෛරස ආසදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුන් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව මේවන විට කොරෝනා වෛරස ආසදනයෙන් සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 21ක්.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් තුන්දෙනෙකු අද හමුවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ යාපනය, මරදාන සහ කුරුණෑගලින් නව ආසාදිතයන් තුන්දෙනා හමුවූ බවයි.

මීට අමතරව සැක සහිත රෝග ලක්ෂණ සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතකර සිටින සංඛ්‍යාව 231ක්.


මෙරට  5,318ක් තවමත් නිරෝධායනයේ
Sunday, 31 May 2020 - 13:08

මෙරට කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව සිටින සංඛ්‍යාව මේ වනවිට... Read More

කොවිඩ් 19 එන්නත සියයට 99ක් සාර්ථක බව චීනය කියයි
Sunday, 31 May 2020 - 12:57

අද උදෑසනින් අවසන් වූ පැය විසි හතර තුළ ඉන්දියාවෙන් නව කොරෝනා... Read More

කොරෝනා නිසා ශ්‍රී ලංකාවට විදෙස් රැකියා 37,500ක් අහිමිවේ
Sunday, 31 May 2020 - 12:52

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේ සිට... Read More