කොරෝනා වැළඳුණු තවත් දෙදෙනෙකු හඳුනාගනී - ආසාදිතයන් 148 දක්වා ඉහළට

Thursday, 02 April 2020 - 11:19

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+-+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+148+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මෙරටදී හමුවූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 148ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේදි තවත් ආසාදිතයන් දෙදෙනෙකු හමුවීමත් සමඟයි.

ශ්‍රී ලංකාව තුළ මෙතෙක් සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 3ක්.

ඉන් ආසන්නම මරණය ඊයේ වාර්තාවූයේ මරදාන - ඉමාමුල් අරුස් මාවතේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් අයි.ඩී.එච්. රෝහලේදී ජීවිතක්ෂයට පත්වීමයි.

මොහු වකුගඩු අඩපණවීමේ රෝගයකින් පෙළුණු අයෙකු වන අතර, ඔහු දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන් පෙළී තිබෙනවා.

මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඔහු වාසය කළ මරදාන ඉමාමුල් අරුස් මාවතේ නිවාස සංකීර්ණය මේ වනවිට සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.

එහි පවුල් 230 කට අයත් පුද්ගලයන් 819 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

එමෙන්ම මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් හතරදෙනෙකුද රෝගය වැළඳී ඇති බවට පවතින සැකය මත පරීක්ෂාවට යොමුකර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ මව පුත්තලමේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති බවයි මැදකොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික අධිකාරීවසම් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

මේ අතර මියගිය පුද්ගලයාගේ කටයුතු නිරෝධායන නීතියට අනුකුලව අද දිනය තුළ සිදු කිරීමට නියමිතයි.

එමෙන්ම මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ඊයේ මියගිය පුද්ගලයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ 67 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු මීට මාස කිහිපයකට පෙර මාලදිවයිනේ සිට මෙරටට පැමිණ තිබුණා.

ඔහු සැකකටයුතු අන්දමින් මියයාමත් සමඟයි වෛද්‍යවරුන් මොහු මියගිය හේතුව නිශ්චිතව තහවුරු කරගැනීම සඳහා කොරෝනා පරීක්ෂාවකට ලක් කෙරුණේ.

කෙසේ වෙතත් පුද්ගලයෙකු මියයාමෙන් පසු සිදුකරන කොරෝනා පරීක්ෂාවේ ප්‍රතිඵල නිවැරදි නොවීමේ සම්භාවිතාවක් පවතින බැවින් කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරයටම මොහුගේ අවසන් කටයුතු අද දිනයේම සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

ඔහුගේ පවුලේ සාමාජිකයන්ද දින 14ක කාලසීමාවක් නිරෝධායනයට ලක් කර ඇති බවයි කහතුඩුව - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පද්මරාජ් කියා සිටියේ.

ස්වසන අපහසුතා පෙන්නුම් කිරීම හේතුවෙන් අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කරනු ලැබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක හිමිකරුගේ පුත්‍රයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබෙනවා.

දඹුල්ල මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශය සඳහන් කළේ කැස්ස, උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම නිසා ඔහු කළුන්දව රජයේ බෙහෙත් ශාලාවට ප්‍රතිකාර ලබාගැනීමට ගිය අවස්ථාවේදී සැකසහිත රෝග ලක්ෂණ හේතුවෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බවයි.

කෙසේ වෙතත් සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඔහුට වැළඳී ඇත්තේ සාමාන්‍ය ස්වසන ආබාධයක් බවයි.

මොහුගේ පියාට අයත් ව්‍යාපාරික ස්ථානයද ඊයේ විෂබීජහරණය කර ඇති අතර, සෙසු සේවකයන්ද ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණා.

මේ අතර දියතලාව, රන්ටැඹේ සහ පොම්පේමඩු යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 195 කට ආසන්න සංඛ්‍යාවක් අද නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා.


සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More

මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:42

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ... Read More

විදේශයන්හි සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවතී, දෝහා ගුවන් යානයත් අවලංගුයි (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:16

කටාර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 1051 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය... Read More