කොරෝනා වෛරසය හමුවේ රටේ තත්වය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කළ සරසවි සිසුවෙකු ඇතුලු 5ක් අත්අඩංගුවට

Thursday, 02 April 2020 - 17:11

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%85%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොරෝනා රෝගය ව්‍යාප්තියත් සමග රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයින් 5 දෙනෙකු මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඒ අතර, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.

තහවුරු කරන ලද කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය අනුව, මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 33ක් වන අතර, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 25ක් කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 24ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11ක්, සොයා ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලින් රෝගීන් 4 දෙනෙකු බැගින් සොයා ගෙන ඇති බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 3 ක් වන අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් දෙදෙනෙකු සොයා ගෙන තිබෙනවා.

කෑගල්ල, ගාල්ල, මඩකලපුව, බදුල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලින් එක් රෝගියෙකු බැගින් හමුවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, හදිසි රෝගී තත්ත්වයන් වලදී අදාළ රෝගීන් රෝහල් වෙත රැගෙන යාම සඳහා ඇඳිරි නීති බලපත්‍ර අවශ්‍ය නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා. ගිලන් රථයක් කැඳවා ගත නොහැකි නම්, පෞද්ගලික වාහනයකින් වුව ද ඔවුන් රෝහලට රැගෙන යා හැකියි.



ආනයනික කිරි ගවයන් රජයේ ගොවිපල සඳහා පමණයි
Thursday, 04 June 2020 - 13:15

මෙරටට ගෙන්වීමට නියමිත කිරිගවයන් 2500 රජයේ ගොවිපල සඳහා පමණක්... Read More

මහ නාහිමිවරුන්ගෙන් බෞද්ධ ජනතාවට ඉල්ලීමක්
Thursday, 04 June 2020 - 13:10

හෙටට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදී නිවසට වී ආගමික... Read More

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ බාහිර පාර්ශවයන්ගෙන් ඉවතට
Thursday, 04 June 2020 - 13:07

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වනු ලබන ප්‍රායෝගික... Read More