රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා අදත් දිස්ත්‍රික්ක 4ක

Thursday, 02 April 2020 - 19:23

%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+4%E0%B6%9A
කොරෝනා ව්‍යාප්තවීමත් සමඟ දැඩි දුෂ්කරතා මැද, සරණක් අවැසිව සිටින අපේම ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක ‘‘රට වෙනුවෙන් හිරු’’ සහන යාත්‍රා ක්‍රියාන්විතය අදත් දිස්ත්‍රික්ක 4 ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වුණා.

ඒ කොළඹ, ගම්පහ, කළුතර සහ රත්නපුරයි.

පන්සලේ, පල්ලියේ, කෝවිලේ, පුදබිමේ වැඩ සිටින අති පූජනීය මහා සංඝරත්නය ප්‍රධාන පූජකවරුන්ගේත්, ළමා නිවාසවල රැඳී සිටින දූ දරුවන්ගේත්, වැඩිහිටි නිවාසවල තනි වූ වැඩිහිටියන්ගේත්  ඕනෑ එපාකම් සපුරාලීම වෙනුවෙන් මෙවර හිරු පෙරමුණ ගෙන සිටිනවා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති වැඩිහිටියන් ඉන් ආරක්ෂා කර ගැනීම සඳහා හිරු මාධ්‍ය ජාලයේ සන් එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාව SUN FM CARES නමින් වැඩසටහනක් ආරම්භ කළා.

ඒ අනුව සරණක් නොමැතිව තනි වූ වැඩිහිටියන් සිටින වැඩිහිටි නිවාස විෂබීජහරණය කිරීමේ පළමු අදියර ඊයේ වැල්ලවත්ත - බ්‍රෝහියර් අනුස්මරණ වැඩිහිටි නිවාසයේත්, ග්‍රෑන්ඩ්පාස් - දයාවේ නිවස වැඩිහිටි නිවාසයේත් ක්‍රියාත්මක වුණා.

මෙම සම්පූර්ණ ක්‍රියාවලියම වෘත්තීමය සේවාවන් සපයන පුද්ගලයන් යොදාගෙන නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපයෝගී කර ගනිමින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

මෙම සේවාව ඔබගේ වැඩිහිටි නිවාසයේත් ක්‍රියාත්මක කර ගැනීමට අවශ්‍ය නම් 077 355 98 89 දුරකතන අංකයට ඇමතුමක් ලබාදිය හැකියි.


ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්
Sunday, 07 June 2020 - 15:16

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අතුරුගිරිය ඇතුළු... Read More

පෙරහුරු ඡන්දය සාර්ථකව අවසන් (වීඩියෝ)
Sunday, 07 June 2020 - 15:07

අම්බලන්ගොඩ ධම්මයුක්තිකාරාම විහාරස්ථානයේ පැවති ආදර්ශ මැතිවරණය... Read More

දිනෙන් දින අභාවයට යන දකුණු ලකේ කිතුල් කර්මාන්තය (වීඩියෝ)
Sunday, 07 June 2020 - 13:39

අතරමැදි වෙළෙන්දන්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් නිසාත්, හඳුනානොගත්... Read More