මෙරට මුළු ආසාදිතයින් 151 දක්වා ඉහළට - තවමත් වැඩිම රෝගීන් කොළඹින්

Thursday, 02 April 2020 - 19:31

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+151+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%B8+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%B1%E0%B7%8A
මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 151ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ පුද්ගලයින් 126 දෙනෙකු මේ වනවිට වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන බවයි.

ඊයේ වෛරසය ආසාදනයෙන් මියගිය මරදානේ පදිංචිකරුගේ බෑණා, මුනුපුරා මෙන්ම යාපනයේ පැවති යාච්ඥා මෙහෙයේදී කොරෝනා ආසාදනය වූ දේවගැතිවරයා විසින් ජල ටැංකියකදී බෞතිස්ම කළ දෙදෙනෙකු ද නව ආසාදිතයන් අතර සිටිනවා.

එමෙන්ම, තහවුරු කරන ලද කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය අනුව, මේ දක්වා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 33 ක් වන අතර, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 25ක් කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 24ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 11ක් , සොයා ගෙන තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය අද පෙරවරුවේ නිකුත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලින් රෝගීන් 4 දෙනෙකු බැගින් සොයා ගෙන ඇති බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති රෝගීන් සංඛ්‍යාව 3ක් වන අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2ක් සොයා ගෙන තිබෙනවා.

කෑගල්ල, ගාල්ල, මඩකලපුව, බදුල්ල හා මාතර යන දිස්ත්‍රික්කවලින් එක් රෝගියෙකු බැගින් හමුවී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, නිරෝධායනයට ලක් කළ පුද්ගලයින් 187 දෙනෙකු අද දිනයේ නිවෙස් වෙත පිටත් කර හැරුණා.

එමෙන්ම, පසුගිය මාර්තු 17 වනදා බණ්ඩාරවෙල ප්‍රදේශයේ සංචාරක හෝටලයකින් කොරෝනා රෝගියෙකු වාර්තා වූ අතර, පසුව එහි කාර්ය මණ්ඩලය එම හෝටලයේම නිරෝධායනයට ලක් කළා.

දින 14 ක් සම්පූර්ණ කළ පසු එම සේවකයින්ට නිරෝධායනය වූ බවට ලබා දෙන සහතිකය ලබාදී දිනයේ මුදා හැරිමට කටයුතු කර ඇති බව සඳහන්.

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ දැඩි අවදානමක් සහිත පුත්තලම සහ කොළඹ ප්‍රදේශවල සිට පැමිණ තලවකැලේ - හේමචන්ද්‍ර මාවතේ සැඟව සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඔවුන් රැදී සිටි නිවසේම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැණුනා.

මේ අතර, වව්නියාව - කට්කුලි ප්‍රදේශයේ 56 හැවිරිදි කාන්තාවක් දින ගණනාවක් පැවති උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් වව්නියාව රෝහලට ඊයේ ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇයගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව සඳහන්.

එම වාර්තාව ලැබෙනතුරු එම කාන්තාවගේ මළ සිරුර වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මේ අතර, මත්තේගොඩ නිවාස සංකීර්ණයේදී ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නොමැති බව අනාවරණ වී තිබෙනවා.

කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ එම පුද්ගලයා හෘදයාබාධයකින් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

පසුගිය 20 වනදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණ තිබූ එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්වීමෙන් පසු ඔහුගේ දේහය මුද්‍රා තබා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමුකළ අතර කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත්දැයි පරික්ෂා කිරිම සඳහා ශරීර කොටස් වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කෙරුණා.

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ එකම පවුලේ පුද්ගලයින් 5 දෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් බණ්ඩාරගම - අටලූගම හුදකලා කිරිමට පියවර ගෙන මේ වනවිට දින 6 ක් ගතවනවා.

මේ අතර, රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා ආසාදිත ළමයින් සිටින බවට අසත්‍ය ප්‍රචාර පැතිරූ පුද්ගලයින් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ ආරම්භ කර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

කොරෝනා වෛරසය පාලනය සහ මැඩපැවැත්වීමට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යෝජනා 6 ක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි ඊයේ හමුවූ අවස්ථාවේදීයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා 6 මෙලෙස සඳහන් කෙරුණා.

මේ අතර, කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් කොටස් 4 කට බෙදා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර සිංගාරච්චි ප්‍රකාශ කළා.

ඒ අනුව, ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ මට්ටමින් කොරෝනා ආසාදිතයින් සමග සබඳතා පැවැත්වූ අය ලැයිස්තු ගත කිරීමක්, විදෙස් රටවලින් පැමිණි පුද්ගලයින්, නිරෝධායන මධ්‍යස්ථානවල සිට පැමිණි පුද්ගලයින් සහ පිට පළාත්වලින් පැමිණි පුද්ගලයින් වෙන වෙනම ලැයිස්තුගත කෙරෙනු ඇති.

එසේම, රාජසන්තක කරන ලද සියලූම එතනෝල් කොරෝනා මර්දන කටයුතු සඳහා පොලිස් දෙපාර්තමේන්තුව වෙත මුදා හරින ලෙස ජනාධිපති ලේකම්වරයා රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබෙනවා.

ඒ අනුව, සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන මෙලෙස රාජසන්තක කළ තවත් එතනෝල් ලීටර 75,000 කට ආසන්න ප්‍රමාණයක් පොලිසිය වෙත ලබාදීමට කටයුතු කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ කියා සිටියේ.



ආනයනික කිරි ගවයන් රජයේ ගොවිපල සඳහා පමණයි
Thursday, 04 June 2020 - 13:15

මෙරටට ගෙන්වීමට නියමිත කිරිගවයන් 2500 රජයේ ගොවිපල සඳහා පමණක්... Read More

මහ නාහිමිවරුන්ගෙන් බෞද්ධ ජනතාවට ඉල්ලීමක්
Thursday, 04 June 2020 - 13:10

හෙටට යෙදී ඇති පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේදී නිවසට වී ආගමික... Read More

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණ බාහිර පාර්ශවයන්ගෙන් ඉවතට
Thursday, 04 June 2020 - 13:07

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවත්වනු ලබන ප්‍රායෝගික... Read More